Jun
11

චීන ජාතිකයින් එකතු වී කරන ජාවාරමක් මෙන්න

85 Views

චීන ජාතිකයෙක් විසින් සීදුව ප්‍රදේශයේ පවත්වාගෙන යන කර්මාන්ත ශාලාවකින් නිෂ්පාදනය කරන pvc සෙවිලි තහඩු විශේෂයක් සදහා වසර 25ක වගකීමක් ලබා දෙන බව පවසමින් මිනිසුන් රවටා මුදල් කූට ලෙස උපයන සිද්ධියක් වාර්ථා වේ.

මොහු මීට වසර 2කට පෙර කඩවත ප්‍රදේශයේ lion roofing නමින් ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇත. එම අවස්ථාවේදී එම නිෂ්පාදන සදහා වසර 25ක වගකීමක් ලබා දෙන බව පවසමින් මිනිසුන් රවටා ඔවුන්ගේ නිෂ්පාදන විකුණා ඇත. එම කර්මාන්ත ශාලාව වෙත පාරිභෝගික පැමිණිලි ලැඛෙන විට එය ක්‍ෂණිකව වසා දමා ඇත.

පසුව නැවත සීදූව ප්‍රදේශයේ න‍ඛ JL roofing නමින් මෙම කූට ව්‍යාපාරය ආරම්භ කර නැවතත් වසර 25ක වගකීමක් ලබා දෙන බව පවසමින් තිබේ. මේ වන විට JL roofing නිෂ්පාදන ක්‍රියාවලියද නවතා ඇති අතර, ඔවුන් වෙනත් බාල නිෂ්පාදනයක් ආරම්භ කර ඇති බව ද දැනගන්නට ඇත.

මේ මොහොත වන විට lion සහ JL roofing මිලදී ගත් අය සදහා අදාල වගකීම් හිමිකම් ලබා ගැනීමේ අපහසු තත්වයකට මුහුණ දී ඇත. ශ්‍රී ලාංකික ජනතාව රවටා මෙලෙස කූට ලෙස මුදල් උපයන මෙවැනි චීන ජාතික ව්‍යාපාරිකයන් රැසක් මෙරට ජීවත් වන අතර මොවුන්ට විරුද්ධව නැගී සිටිමු. තවද මොවුන් රජයට ගෙවීමට ඇති බදු මුදල්ද ඉතා සූක්ෂම ලෙස වංචා කරන බවද දැනගන්නට තිබේ.

Source-SL Virul News

තවත් බලන්න

Leave a Reply

[fbcomments]