Jun
5

ගල්කිස්ස මුහුදෙන් මතු වූ කුණු ,මොරටුව මහ නගර සභාවේ වැඩක් බවට සැකයක් (VIDEO)

200 Views

විදේශිකයින් පවා කම්පනයට ලක්කළ සිද්ධියක් වන ගල්කිස්ස මුහුදු තීරය අවලස්සන කළේ කවුරුන් විසින්ද යන්න අද වන විට අනාවරණ වෙමින් පවතියි.

අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත් වූ “වන අරණ” පරිසර සංවිධානය චෝදනා කළේ, පළාත් පාලන ආයතනයක් විසින් මේ අපද්‍රව්‍ය මුහුදට බැහැර කර ඇති බවයි.

ලංකාවේ රමණීය මුහුදු වෙරළක් වු ගල්කිස්ස මුහුදු තීරයට පසුගියදා විශාල ප්‍රමාණයෙන් අපද්‍රව්‍ය ගසාගෙන විත් තිබුණි.

වෙනදා නොදුනු ආකාරයෙන් එම භූමිය අපවිත්‍රවීම බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්වුණි.

මේ සම්බන්ධයෙන් ගල්කිස්ස මුහුදු වෙරළට ආදරය කරන විදේශිකයින්ද දැඩි කම්පනයට ලක්ව තිබේ.

අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පැවැත් වූ වන අරණ පරිසර සංවිධානය චෝදනා කළේ එම අපද්‍රව්‍ය මොරටුව, රත්මලාන හා අඟුලාන යන ප්‍රදේශවලින් බැහැරකර ඇති බවට තහවුරු කළ හැකි බවයි.

මේ අතර අද පස්වරුවේ ගල්කිස්ස මුහුදු තීරයේදි විශේෂ ප්‍රකාශක් සිදුකළ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ තමන් මේ පිලිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙසට පොලිසියෙන් ඉල්ලීම් කර ඇති බවයි.

තවත් බලන්න

Leave a Reply

[fbcomments]