Jun
1

කොරෝනා බෝ කලේ චීනය නිසා චීන තානාපති කාර්යාලය වටලන්න පිරිසක් සූදානමින්

1242 Views

පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

කොරෝනා වෛරසය ලෝකයපුරා ව්‍යාප්ත වූයේ චීනයේ නොසැලකිල්ලෙන් නිහඩ විරෝධය

ලෝකය පුරා කොරෝනා වෛරසය පැතිර වූ චීන රජයට විරුද්ධව නිහඩ විරෝධතාවයක් 2020/06/10 වන දින උදේ 11 ට පවත්වන්නට අප සංවිධානය කටයුතු සූදානම් කරමින් සිටී.  කෝරෝනා වෛරසයෙන් මුලු ලෝකයම මේ අවස්ථාවේ අසරණභාවයට පත්ව ඇති බව අප කවුරැත් දන්නා කාරණයකි. දහස් ගණන් මිනිසුන් මියගොස් තවත්  දහස් ගණනක් වූ මිනිසුන්ගේ ආර්ථිකය කඩා වැටී ඇති මේ අවස්ථාවේ චීනය ලෝක බලවතා වීමේ සිහිනය දකිමින් සිටී.

චිනයේ වූහාං නගරයෙන් ආරම්භ වූ ‌ෙකාරෝනා වෛරසයේ ව්‍යාප්තිය චීනයේ නොසැළකිල්ල නිසා ලොව පුරා ව්‍යාප්ත විය. චීනයේ වූහාන් නගරයේ සිට ශ්‍රී ලංකාවට ඇත්තේ  කිලෝමීටර 4300 ක දුරකි  ඇමරිකාවට ඇත්තේ වූහාන් සිට කිලෝමීටර 11859 දුරකි එහෙත් චීනයේ බීජිං නුවරට වූහාන් සිට  කිලෝමීටර 1153 ක් දුරක් තිබුනද කොරෝනා වෛරසය චීනයේ බීජිං නුවරට ව්‍යාප්ත නොවූයේ කෙසේද? යන්න අප අසන ප්‍රශ්ණයයි. තම රට තුළ කොරෝනා ව්‍යාප්තියට ඔවුන් වැට බැද ලෝකය පුරා කෝරෝනා ව්‍යාප්ත වෙනෙතෙක් බලා සිටි බව අපගේ හැගීමයි. මුල් අවස්ථවේ චීන රජය කොරෝනා වෛරසය පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානයට සත්‍ය තත්වය වසන් කල බව දැන් මුලු ලෝකයම දනී.

මීට පෙර  අප විසින් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සිදුවූයේ චීනයේ වරදින් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කල අතර චීනයට විරුද්ධව රාජතාන්ත්‍රික පියවර ගන්නා ලෙස දන්වමින් සිවිල් නඩු විධාන සංගහයේ 461 ක යටතේ නීතිඥවරයෙකු මගින් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දැන්වීමක්ද යවන ලදී. චීනය විසින් අප රටට කල විනාශය ඉදිරියේදී හෙළි කිරීමටද අප සංවිධානය සූදානමින් සිටින බවද දැනුම්දෙමු.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

තවත් බලන්න

Leave a Reply

[fbcomments]